සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් මාධ්‍යවේදීන්ට පුහුණු වැඩමුළුවක්

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් මාධ්‍යවේදීන්ට පුහුණු වැඩමුළුවක්

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සංවිධානය කරන ලද මාධ්‍යවේදීන් සඳහා වූ පුහුණු වැඩමුළුවක් 2024 පෙබරවාරි 14 වන දින කොලඹ දී පැවැත්වුණි. මේ සඳහා පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි නියෝජනය කරමින් වාර්තාකරුවන්, සංස්කාරකවරුන් මෙන්ම ජනමාධ්‍ය පර්යේෂකයින්, ජනමාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන සංවිධාන කිහිපයක සාමාජිකයින්ද එක්ව සිටියහ.

සිරකරුවන් පිළිබඳ වාර්තාකරණයේදී අවධානය යොමු කළ යුතු කරුණු, ලංකාවේ බන්ධනාගාර පරිසරය තුළ පවතින ගැටලු, රැඳවියන්ගේ අයිතිවාසිකම් ආදී කරුණු මෙහිදී පුළුල් සාකච්ඡාවකට ලක් විය.

මෙම වැඩමුළුවේ ප්‍රධාන සම්පත් දායකයා වශයෙන්, මාධ්‍ය නීති සංසදයේ මෙහෙයුම් අධ්‍යක්ෂක නීතීඥ ප්‍රබෝධ රත්නායක මහතා සහභාගී විය.

A training workshop for journalists organized by the Committee for Protecting the Rights of Prisoners was held on 14 February 2024 in Colombo.

The workshop was attended by reporters and editors representing newspapers, electronic media, social media and websites, media researchers, and members of several organizations representing the media sector.

During the program, several important topics were discussed including matters to be focused on while reporting on prisoners, problems existing in Sri Lanka’s prison environment, prisoners’ rights, and the challenges facing Sri Lanka’s prison system. Overall, it was a constructive conversation that highlighted the need for continued attention and action in this area.

AAL. Prabodha Ratnayake, the Operations Director of the Media and Law Forum, participated as the main resource person in this workshop.