තෙන්නකෝන්ගේ පත්වීම නීතියට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

තෙන්නකෝන්ගේ පත්වීම නීතියට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන්නයැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ඉදිරිපත් කර ඇත.

මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය සහ සජබ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර
එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර ඇත. මෙහිදී පෙත්සම්කරුවන් තම පෙත්සම් මගින් අධිකරණයට පෙන්වාදී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියක් ලැබී නොමැති බවයි.