සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මගින් සංවිධානය කරනු ලැබු මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දැනුම්වත් කිරීමේ නේවාසික දෙදින වැඩ මුළු මාලාවේ තවත් පියවරක් පසුගිය 18 සහ 19 දෙදින කටුනායක ෆුල් මූන් ගාර්ඩ්න් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර මේ සඳහා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් 08දෙනෙකු එක්ව සිටියහ.
මෙහිදී සහභාගි වුවන් හට න්‍යායික දැනුම මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් අවශ්‍ය පුහුණුවද ලබාදීමට කටයුතු කළ අතර සම්පත් දායකයන් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සම්බන්ධ කරගනිමින් ඔවුනගේ අත්දැකීම්ද ඔවුනට ලබාදීමට කටයුතු කිරීම විශේෂත්වයකි.
දෙදින වැඩමුළුව අවසානයේ සහභාගි වූ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වෙත වටිනා සහතිකපතක්ද ලබා දුන් අතර සිරකරු අයිතිවාසිකම් පිළිබඳව සමාජය දැනුම්වත් කිරීමට මෙවැනි වැඩසටහන්වල අවශ්‍යතාවය පැමිණ සිටි මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් ඉතා ප්‍රශංසනීයව අවධාරණය කරන ලදී.