A training workshop on ‘prisoner and the law’

A training workshop on ‘prisoner and the law’

A training workshop for lawyers organized by the Committee for Protecting the Rights of Prisoners was held on 17th January from 2.00 pm to 5.00 pm at the Nippon Hotel premises in Colombo. The primary objective of the workshop was to educate lawyers to ensure prisoners receive the legal aid and representation they deserve in the problematic situation they face as well as to improve their accessibility to legal consultation.

The legal framework in force regarding the rights of prisoners in the country, incidents of violation of the rights of inmates in the prison system, Identifying available legal procedures and remedies in such incidents, as well as building effective partnerships to uphold prisoner rights were discussed in detail during the training. AAL, Lakshan Dias and AAL. Prabodha Ratnayake contributed as a resource person for this workshop.

සිරකරුවා සහ නීතිය පිළිබඳව පුහුණු වැඩමුළුවක්

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සංවිධානය කරන ලද නීතිඥවරුන් සඳහා වූ පුහුණු වැඩමුළුවක් පසුගිය ජනවාරි 17 දා සවස 2.00 සිට 5.00 දක්වා කොළඹ නිපෝන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි. සිරකරුවන් මුහුණ දෙන ගැටලුවලදී ඔවුන්ට ලැබිය යුතු නීති ආධාර මෙන්ම නීති නියෝජනය ලබාදීම සහතික කිරීම සහ නීති ආධාර සඳහා ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් නීතිඥයින් දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ මූලික අරමුණ විය.

මෙරට සිරකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බලපවත්වන නීතිමය රාමුව, බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්, එවැනි සිදුවීම් වලදී පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ පිළියම් හඳුනා ගැනීම මෙන්ම සිරකරු අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඵලදායී හවුල්කාරිත්වයන් ගොඩනැගීම යන කරුණු මෙම පුහුණුව තුළ විස්තරාත්මකව සාකච්ඡා කෙරුණි.

නීතිඥ ලක්ෂාන් ඩයස් සහ නීතිඥ ප්‍රබෝධ රත්නායක මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකයින් ලෙස දායක විය.