ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියද ඇතුළත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීය. ප්‍රතිසංස්කරණ සඳහා වන හදිසි අවශ්‍යතාව පෙන්වා දුන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, බන්ධනාගාර නිලධාරීන්ගේ අල්ලස් ගැනීම්, බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන ප්රචණ්ඩත්වය, දේශපාලන හිතවතුන්ට සමාව ලබාදීමේ පුරුද්ද සහ බුස්ස බන්ධනාගාරයේ සිදුවන අත්තනෝමතික ක්‍රියාවලීන් වැනි තීරණාත්මක කරුණු කෙරෙහි අවධාණය යොමු කළේය.
යුක්තිය තහවුරු කිරීමට, දූෂණය පිටුදැකීමට සහ සියලු සිරකරුවන්ට මානුෂීය සැලකීම සහතික කිරීමට බන්ධනාගාර පද්ධතිය පුළුල් ලෙස පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පැවසීය. පිරිසිදු, වඩා වගකීම් සහගත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ පුළුල් ජාතික වැඩසටහනේ ප්‍රධාන අංගයක් ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දීමේ වැදගත් කල ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කළේය.
ක්ලීන් ශ්‍රී ලංකා, බන්ධනාගාරයත් සුද්ද කරන්න. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලයි.
![ක්ලීන් ශ්‍රී ලංකා, බන්ධනාගාරයත් සුද්ද කරන්න. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලයි. ක්ලීන් ශ්‍රී ලංකා, බන්ධනාගාරයත් සුද්ද කරන්න. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලයි.](https://i0.wp.com/www.cprp.lk/wp-content/uploads/2025/01/WhatsApp-Image-2025-01-03-at-16.50.03.jpeg?fit=1024%2C576&ssl=1)