ඉරානයේ කාන්තා හඬකට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වෙයි!

ඉරානයේ කාන්තා හඬකට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වෙයි!

ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගේස් මොහොමඩි වෙත මෙම වසරේ ගෞරවනීය නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට නියමිතයි. මොහොමඩි ඉරාන බන්ධනාගාරයක සිරකාරියක ලෙස රඳවා සිටියදී ඇයව මේ අයුරින් ඇගයීමට ලක්වීම ඉතාම සුවිශේෂී කාරණයක්. “ඉරාන කාන්තාවන් මුහුණ දෙන හිංස නයට එරෙහි සටන සහ මානව හිමිකම් සහ නිදහස ප්‍රවර්ධනය කිරීම” වෙනුවෙන් 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නාර්ගේස් මොහොමඩිගේ නම තෝරාගෙන ඇති බව නෝර්වීජියානු නොබෙල් කමිටුව ඔස්ලෝහිදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඉරානයේ ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස සිය ජීවිතයම කැප කර සිටින මොහොමඩි පසුගිය දශක දෙක පුරාවට වැඩි කාලයක් ගත කර ඇත්තේ සිරගතව ය. මරණීය දණ්ඩනයට සහ හුදකලා සිරගත කිරීම්වලට එරෙහිව ඇයගේ නොනවතින විරෝධතා හේතුවෙන් මෙලෙස නැවත නැවතත් සිර දඬුවම් විඳීමට ඇයට සිදුව තිබෙනවා. මොහොමඩි වෙත මේ වන විට වසර 10 යි මාස 9 ක සිරදඬුවමක් නියම කොට ඇත්තේ ජාතික ආරක්ෂාවට එරෙහිව කටයුතු කිරීම සහ රාජ්‍යයට එරෙහි ප්‍රචාරණය යන චෝදනා මතයි.

එවැනි පසුබිමක, නාර්ගේස් මොහොමඩිගේ මෙම ජග්‍රහණය; දරා ගැනීමේ හැකියාව, අධිෂ්ඨානය සහ අරමුණක් වෙනුවෙන් වූ නොසැලෙන කැපවීම පිළිබඳ කදිම නිදසුනක්. නර්ගේස්ගේ කතාව අපට මතක් කර දෙන්නේ දුෂ්කරතාවන් හමුවේ පවා තනි පුද්ගලයෙකුට වුවත් ගැඹුරු වෙනසක් ඇති කළ හැකි බවයි.

නර්ගේස් මොහොමඩි මෙලෙස සිරකරුවෙකුව සිටියදී නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම තුළින් ලොව පුරා සිරගතව සිටින පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම ද අවධාරණය කෙරෙනවා. එනම් නාර්ගේස්ගේ උත්සාහය සඳහා ඇයට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම මගින් ජාත්‍යන්තර ප්‍රජාව යුක්තිය, සමානාත්මතාවය සහ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීමේදී සිරකරුවන්ගේ අයිතිවාසිකම් ද ඉතා වැදගත් බවට පණිවුඩයක් ලබා දී තිබෙනවා. එසේම ඇයගේ ජයග්‍රහණය, සිරකරුවන් මුහුණ දෙන අභියෝග සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ පද්ධතිමය ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය කෙරෙහි ද අවධානය යොමු කරවන්නක්.

මෙම ජාත්‍යන්තර පිළිගැනීම මානව හිමිකම් පිළිබඳ පවතින පුළුල් ප්‍රශ්න සහ සියලු පුද්ගලයන්ට ඔවුන්ගේ තත්වයන් නොසලකා සාධාරණ සැලකීම සහ යුක්තිය සඳහා ප්‍රවේශය සහතික කිරීමේ වැදගත්කම පෙන්වා දෙන අතර යුක්තිය සහ සමානාත්මතාවය වෙනුවෙන් දිගටම පෙනී සිටීමට අන් අයව පොළඹනු ලබනවා. එසේම නර්ගේස් මොහොමඩිගේ ජයග්‍රහණය සමාජ වෙනස සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරන අතර සිරකරුවන් ඇතුළු සෑම පුද්ගලයෙකුගේම අයිතිවාසිකම් සහ අභිමානයට ගරු කරන සහ ආරක්ෂා වන ලෝකයක් සඳහා වැඩ කිරීමට අප සියලු දෙනා දිරිමත් කරවනවා.

Narges Mohammadi – nobel peace prize winner 2023

Narges Mohammadi, an Iranian human rights activist, has been awarded the prestigious Nobel Peace Prize this year. It is truly remarkable that Mohammadi was recognized in this manner while being held as a prisoner in an Iranian prison. The Norwegian Nobel Committee announced in Oslo that Narges Mohammadi’s name has been chosen for the 2023 Nobel Peace Prize for her fight against violence against Iranian women and her work to promote human rights and freedoms.

Mohammadi, who acts as a dedicated lifelong human rights activist in Iran, has spent a many time of over the last two decades in prisons. She has faced repeated prison terms due to her persistent protests against the death penalty and solitary confinement. Mohammadi has been sentenced to 10 years and 9 months in prison on charges of acting against national security and propaganda against the state.

In this context, Narges Mohammadi’s victory is a great example of resilience, determination, and unwavering commitment to a cause. Her story reminds us that even in the face of adversity, a single person can make a profound difference. By awarding the Nobel Peace Prize to Narges while she was a prisoner, the international community emphasized the importance of advocating for the rights and well-being of imprisoned individuals worldwide. This recognition sends a message that the rights of prisoners are crucial in promoting justice, equality, and human dignity.

Furthermore, her victory draws attention to the challenges faced by prisoners and the need for systemic reform in the criminal justice system. This international recognition highlights broader human rights issues and underscores the significance of ensuring equal treatment and access to justice for all individuals, regardless of their circumstances. It serves as an inspiration for others to continue advocating for justice and equality.

Narges Mohammadi’s victory is an inspiration for social change and motivates us all to strive for a world where the rights and dignity of every person, including prisoners, are respected and protected.