ආණ්ඩුව බෙදූ මහර වීඩියෝව “ඇත්ත වසං කිරීමේ වෑයමක්”

ආණ්ඩුව බෙදූ මහර වීඩියෝව “ඇත්ත වසං කිරීමේ වෑයමක්”

එකොලොස් දෙනකුට දිවි අහිමි කරමින් සීයකට අධික පිරිසක් තුවාල ලැබු මහර බන්ධනාගාරයේ ගැටුමේයැයි පවසමින් ආණ්ඩුව විසින් බෙදා හැර ජනමාධ්‍ය ආයතන කිහිපයක් විසින් විකාශනය කරන ලද සංස්කරණය කළ වීඩියෝ දර්ශන වල විශ්වසනීයත්වය දැඩි ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ. මහර බන්ධනාගාරයේ ඉකුත් සති අන්තයේ ඇති වු ගැටුම පිළිබඳ දර්ශන යනුවෙන් හඳුන්වමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දෙනු ලැබූ මහදවාලේ පටිගත කළ දර්ශන රාජ්‍ය මාධ්‍ය ඇතුළු ප්‍රධාන පෙලේ රූපවාහිනී නාලිකා විසින් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ප්‍රචාරය කරන ලදී. ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව දෙසැම්බර් 2 දා එම දර්ශනවලින් සමහරක් විකාශය කර තිබුණේ “මෙම දර්ශනවලින් පැහැදිලි වන්නේ මහර බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් කලහකාරී තත්වයක් උද්ගත වී ඇති බවයි,” යනුවෙන් නිවේදිකාවකගේ විග්‍රහයක්ද සමගිනි. එම වීඩියෝ දර්ශන රාජ්‍ය අනුග්‍රහයෙන් මාධ්‍යයට නිකුත් කිරීම ක්‍රියාකාරී මානව හිමිකම් නීතිඥයන්ගේ  බරපතල සැකයට තුඩු දී තිබේ. 

https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Frunewslk%2Fvideos%2F2818254818463814&width=500&height=280

එම වීඩියෝ දර්ශන රාජ්‍ය අනුග්‍රහයෙන් මාධ්‍යයට නිකුත් කිරීම ක්‍රියාකාරී මානව හිමිකම් නීතිඥයන්ගේ බරපතල සැකයට තුඩු දී තිබේ. සත්‍යය යටපත් කිරීමේ අරමුණින්  රාජ්‍ය අනුග්‍රහය යටතේ එම වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි නීතිඥ සේනක පෙරේරා මෙන්ම නීතිඥ අචලා සෙනවිරත්න ද පවසන්නේ. 

Achala Senaka

 මහර බන්ධනාගාරයේ සිදුවු මිනිස් ඝාතනයට විරෝධය දැක්වීම සඳහා ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’  වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා සංවිධානය කර තිබු විරෝධතාවය පොලීසිය විසින්  මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයකින් නවතා දැමීමෙන් පසුව කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදී නීතිඥයන් දෙපළ එම සැකය මතු කළහ. භයානක අපරාධයක් සිදු වු ස්ථානයක වීඩියෝවක් රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබීම අනුමත කළ නොහැකි කරුණක් බවයි නීතිඥ සේනක පෙරේරා පවසන්නේ. භයානක අපරාධයක් සිදු වු ස්ථානයක වීඩියෝවක් රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබීම අනුමත කළ නොහැකි කරුණක් බවයි නීතිඥ සේනක පෙරේරා පවසන්නේ. “එතනින්ම අපිට පැහැදිලි වෙනවා මේ කරන්න යන්නේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවට විරුද්ධ වීම. එහෙම නැත්නම් මේ සිද්ධිය යටපත් කිරීමේ උත්සාහයක් තමයි අපි මේ ඒ වීඩියෝව ඉදිරිපත් කිරීමේ සිද්ධිය තුලින් අපි දකින්නේ. ” මහර බන්ධනාගාරයේ ගැටුමේයැයි පවසමින් මාධ්‍යයට නිකුත් කර තිබෙන වීඩියෝ දර්ශන මූලාශ්‍ර තහවුරු කිරීමේ ආචාර ධර්මය කඩ කරමින් ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කිරීමද  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. “ඒ වීඩියෝව ඉදිරිපත් කරේ, ඒකේ කර්තෘ කවුද? කවුද ඒ ඡායාරූප ගත්තේ? කවුද ඒ වීඩියෝ කිරීම කළේ කියන  එක සම්බන්ධයෙන් කිසිම විස්තරයක්,  කිසිම තහවුරුවක් නැතුව තමයි ඒ වීඩියෝව ඉදිරිපත් කළේ,” යි සභාපති සේනක පෙරේරා එහිදී තව දුරටත් ප්‍රශ්න කළේය එම වීඩියෝව මාධ්‍යයට නිකුත්  කිරීමේ නීත්‍යානුකුභාවය ප්‍රශ්න කළ නීතිඥ අචලා සෙනවිරත්න මාධ්‍ය හමුවේදී  තව දුරටත් සදහන් කළේ එය වීඩියෝ ගත කළ පුද්ගලයාද එම ගැටුමට අනුබල දීමක් සිදු කර තිබෙන බවයි. ”එම වීඩියෝව මාධ්‍යයට නිකුත්  කිරීමේ නීත්‍යානුකුභාවය ප්‍රශ්න කළ නීතිඥ අචලා සෙනවිරත්න මාධ්‍ය හමුවේදී  තව දුරටත් සදහන් කළේ එය වීඩියෝ ගත කළ පුද්ගලයාද එම ගැටුමට අනුබල දීමක් සිදු කර තිබෙන බවයි.” “එතකොට කවුරුහරි ඒ අදාල ඡායාරූප ගත කිරීම්, වීඩියෝ ගත කිරීම කළානම් ඒ පුද්ගලයා මේ ගැටුම සිද්ධවෙනකොට ඒකට කරලා තියෙන්නේ අනුබල දීමක් නෙමෙයිද? එහෙම නැත්නම් ඒ ගැටුම මර්දනය කරන්න, ඒ ගැටුම නවත්තන්න නොදී ඒවා රසවිඳිමින් සීටීමෙන් කවුද මේවට මැදිහත් උනේ කියන පිරිස් හොයන්නේ නැද්ද? ඒ වීඩියෝවේ මොකක්ද ඒ දිනයේම සිද්ධ උනාද කියන තීන්දුව සහ තිරණය අර ගත්තේ  කවුද? මේ මොකක්වත් නැ.  ” නීතිඥවරිය වැඩි දුරටත් සදහන් කළේ එම දර්ශන තුල ගැටුමක්  සිදුවන ආකාරය තිබුනත් වෙඩි තැබීම සිදුකළ  දර්ශන නොමැති බවයි. 

LOhan

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පවසා තිබුනේ මහර බන්ධනාගාර ගැටුමේ දී මියගිය කිසිදු රැඳවියෙකු වෙඩි පහර හේතුවෙන් මරණයට පත්වී නොමැති බවයි. බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නෑ. ඒ මැරිලා ඉන්න සියලුදෙනා මැරිලා තියෙන්නේ. ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නෑ. මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා.” අමාත්‍යවරයා පැවසුවේයැයි ජනමාධ්‍ය වාර්තා කර තිබේ. “බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නෑ. ඒ මැරිලා ඉන්න සියලුදෙනා මැරිලා තියෙන්නේ. ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නෑ. මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා.” අමාත්‍යවරයා පැවසුවේයැයි ජනමාධ්‍ය වාර්තා කර තිබේ. නොවැම්බර් 29 වැනි දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැදවියන් 11 දෙනෙකු මියගොස් තවත් 106 දෙනෙකු තුවාල ලැබු බව රෝහල් බලධාරීන් තහවුරු කර තිබේ. ඝාතනයට ලක් වු පිරිසෙන් නම දෙනෙකුම කොරෝනා වෛරස් ආසාදිතයන් බව පසුව තහවුරු විනැයි බලධාරීහු පවසති. ඔවුන්ගේ සිරුරු භූමදානය වළක්වමින් මානව හිමිකම් නීතිඥවරුන් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන තිබුණි.