කඳුරුගස්ආර සිදුවිමේ යුක්තිය උදෙසා සටනට අපි නායකත්වය දෙනවා..!

කඳුරුගස්ආර සිදුවිමේ යුක්තිය උදෙසා සටනට අපි නායකත්වය දෙනවා..!
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
කඳුරුගස්ආර එළිමහන් සිරකදවුරේදී සිදු වූ ලලිත් චමින්ද හෙට්ටිගේ ඝාතනය පිළිබඳව නඩුව 2024.10.23 දින ඇඹිලිපිටිය විවෘත මහාධිකරණයේදී කැදවූ අතර එදින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයෙක් පත් කරන නොමැති වීම නිසා නැවත නඩුව කැදවීමට දිනයක් ලබාදෙන ලදී. මේ සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්යක්ෂ නිතිඥ සේනක පෙරේරා සහ නීතිඥ ධනුශ්ක ද සිල්වා සහභාගී විය.