ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට අදාළ සාක්ෂි වසන් කිරිමේ චෝදනා ලබා සිටින චූදිතයන් තිදෙනා නිදහස් කිරීමට නීතිපතිවරයා කර ඇති නිර්දේශය ඇතුලුව නිතිපතිවරයා විසින් බරපතල අපරාධ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම නැවැත්වීමට ගෙන ඇති තිරනවලට විරෝදය පල කරමින් ඊයේ (පෙබරවාරි 6 වැනිදා) නිහඬ විරෝධතාවක් පැවැත්වුණි.
කොළඹ නීතිපති දෙපාර්තුමේන්තුව අසළ පැවති විරෝධතාව සංවිධානය කරන ලද්දේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි.
විරෝධතාවය සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.