බන්ධනාගාර රෝහල්වලින් ප්‍රතිකාර කිරීමට මුදල් අයකරන ජාවාරමක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කොළඹ දී ඊයේ (10) මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීය.
රැඳවියන්ට ප්‍රතිකාර සිදුකිරීමට නම් තම බන්ධනාගාර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී වු සිරකරවන්ගේ ඥාතින් බන්ධනාගාර රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන්ට මුදල් ලබා දිය යුතු බව එම මාධ්‍ය හමුවේදී කියාසිටියේය.
ඊට ආසන්නතම සිදුවීමක් ලෙස මේ වන විට කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට ගාල්ල බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ රැදවියකුට සම්බන්ධ සිදුවීමකින් වාර්ථා වේ. ඒ අනුව එන රැඳවියාට ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ තුනක මුදලක් බන්ධනාගාර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ එම රැඳවියාගේ පාර්ශවයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව එම රැදවියාගේ ඥාතිහු රුපියල් ලක්ෂ දෙකක මුදලක් අදාළ වෛද්‍යවරයාගේ බැංකු ගිණුමට බැරකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් හඩපට බැංකු වාර්තා හා සෙසු තොරතුරු අදාළ සිරකරුවාගේ ඥාතීන් සතුව ඇති බව ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කීය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාට ද, අල්ලස් දුෂණ විමර්ශන අංශවලට ද, මානව හිමිකම් අංශවලට ද පැමිණිලි කරන්නට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව තිරණය කර ඇති බව ද ඒ එම කමිටුවේ විධායක අධ්යක්ෂ නීතීඥ සේනක පෙරේරා කියාසිටියේය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් විධිමත් පිරික්ෂණයක් සිදුකළ යුතු බවත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් රටට ප්‍රකාශයක් කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.